Tuesday, August 18, 2015

අත්වල කකුල්වල ඉන්නන්ට අත් බෙහෙතක්



හායි යාලුවනේ කොහොමද ඔයාලට ....මටනං දෙයියන්ගේ පිහිටෙන් කිසි අවුලක් නැ හරි අදත් මම ආවා පොස්ට් එකක් අරන් හවස හොදටම වහිනවා කම්මැලි නිසා බ්ලොග් එකපැත්තේ ආවා හරි එහෙමනම්....................


දවසක් මම ගියා අපේ සෙට් එකේ එකෙක්ව හම්බෙන්න නම සුරංගයා අම්මය මම යද්දි මු කකුලේ ලේ පෙරාගෙන ඉන්නවා මමත් එකපාරටම බය උනා 




මම ඇහුවා ඒ මොකද්ද යකෝ තෝ කරගත්තේ කියලා උ කොහොම හරි උගේ කකුලේ දනහිසට පහලින් හිටපු ඉන්නෙක්ව කපලා මං ඇහුවා අනේ ගොනෝ ලේ එනවා කියලා දැන දැනම තෝ මොකද ඉන්නව කැපුවෙ ඉන්නන් කැපුවා කියලා හොද වෙන්නැ ඔය තුවාලේ හොදවුනාම ඉන්නා ආයේත් එනවා ඉස්සර ලට වඩා ලොකුවට මම එහෙම කියද්දි සුරංග මගෙන් අහනවා අඩෝ උබ ඩොක්ටර් කෙනෙක් උනේ කවදා ඉදන්ද කියලා නැ නැ යකෝවි මට ඔය කතාව කිව්වෙ අපේ ආච්චි මම හිතන්නේ ඔය ඉන්නන්ට බෙහෙත් ගැන ආච්චි දන්නවා ඇති කියලා මමයි සුරංගයයි තුවාලෙට පෙහෙත් දාගෙන සතියකට විතර පස්සේ තුවාලේ ටිකක් හොදවෙනකන් ඉදලා ගියා අපේ ආච්චිලාගේ ගෙදර 

යාලුවාගේ කකුලේ දනහිසට පහලින් ඉන්නන් 3දෙනෙක් හිටියා ඉතිං ආච්චිට මම සීන් එක කිව්වම කිව්වා අයියෝ ඔක ටික කාලෙකින් නැතිවෙලා යයි ලමයිනේ කියලා ඒක අහලා අරු මගේ කනට කරලා කියනවා හා අහගත්තේ දැං උබට සනිපද කියලා මටත් නොන්ඩියනේ කොම හරි වද කරලා කරලා ආච්චිගෙන් ඉස්්සර අත්වෙදකමක් අහගත්තා මෙකට

හරි පොස්ට් එක දික්උනා ඹනාවට වඩා මම කතාව නැතුව කියන්නම් මෙන්න මෙ පහල තියන බඩු ටික හොයා ගන්න ඉන්නන්ට බෙහෙත් හදන්න

01.බුලත් හැපිමට ගන්නා සුදු හුනු 
02.අලුත් සන්ලයිට් සබන් කැටයක්(නාන්න එහෙම නෙමෙයි ඇ)
03.පොඩි tooth pick එකක් හො පොල් කුරක්
04.Soframycin skin cream ක්‍රිම් එකක් ෆාමසියෙන් ගන්න රු180ක් විතර වෙයි මගේ මතකේ හරි නම්

හරි ඉස්සරලම කියන්න ඔන මෙක එක එක අයට කොහොම බලපායිද දන්නැ මෙක කරන්න ගිහින් ඇනගත්තොත් ඒ ගැන කිසිම වගකිමක් මා දරන්නේ නැති වගත් කියන්න ඔනේ 

මෙහෙමයි කරන්න ඔනේ මුලින්ම කියන්න ඔනේ මෙ වැඩෙන් ඉන්නා අයින් වෙනවා එතන ලේ එන්නේ නැති ව තුවාල වෙනවා කියලත් කියන්න ඔන 

ඉස්සරලම ඉන්නව හොදට හොදන්න ආච්චි කරපු විදියයි මෙ මම කියන්නේ අද්දැකිමෙන් 

ඊට පස්සේ අර හුනු වලින් පොඩ්ඩක් අරගෙන ඒ හා සමාන සන්ලයිට් සබන් කැල්ලකුත් ගෙන (පොඩි කැල්ලක් ගන්න සබන් කැටයම ගන්නැ මොකද මෙක වැඩිපුර හැදුවට කල් තියා ගන්න බැ එවලෙට හදලා ගාන්නයි ඔන) වතුර පොඩ්ඩක් සමග අර tooth pick එක හෝ පොල් කුරෙන් ක්‍රිම් එකක් වන තෙක් කලවම් කරන්න

සැයු----මෙය ඇස්වල හෝ අත්වල ගාගන්න එපා එහෙම ගාගෙන කරගන්න තුවාල වලට මම වගකියනු නොලැබෙ හරිද

දැන් ඒ පොල් කුරෙන්ම ඒ ක්‍රිම් එක පොඩ්ඩක් පරිස්සමට අරන් ඉන්නගේ ගාන්න හැබැයි ඉන්නගේ විතරයි නිකන් හමෙ නම් ගාගන්න එපා හොදද

දැන් විනාඩි 5ක් විතර යනකොට ටිකක් දන්න ගනි ඉන්නන් අයින් කර ගන්න ඔනනම් ටිකක් ඉවසන් ඉන්න වෙනවා හරි එහෙම දන එක පටන් අරන් විනාඩි 3කට විතර පස්සේ ඒ බෙහෙත් තියපු තැන් හිමිට හොදලා හරින්න ඔන දැං අතින් ඇල්ලුවා ට කමක් නැ දැං ඒ බෙහෙතේ සැර ගිහින් 

ඉන්න තුඩුවෙලා ගිහින් දැන් ඉන්නා හිටපු තැන තුවාලවෙලයි තියෙන්නේ සමහර අයගේ තුවාල උනේ නැ කියන්නේ බෙහෙත හරියට කලවම් වෙලා නැ දැං 

මම අර අවසානෙට කියපු ක්‍රිම් එක ෆාමසි එකකින් ගන්න දවස් 4ක් දවසට 2පාරක් තුවාලේ ගාන්න බලන් ඉද්දි තුවලේ වෙලිලා යයි ඉන්න ඉවරෙටම ඉවරයි.....

සැ.යු------- මෙ තුවාලේ හොද වුනාම එතන පොඩි ලපයක් හිටිනවා පිච්චුන තැනක වගේ

සැ.යු-------මෙය උපතේ සිට පවතින ඉන්නන් සදහා හා මුහුන,පපුව,ලිංග ආශ්‍රිත ඉන්නන් සදහා භාවිත නොකරන්න කකුල් අත් සදහා පමනි




සැ.යු--------මෙය දිර්ගකාලිනව භාවිතා නොකරන්න

සැ.යු--------මෙය දැඩි වෙදනාකාරි ප්‍රතිකාරයකි සිදුවන කිසිදු හානියකට මා වගකියනු නොලැබෙ

යාලුවනේ ඔන්න ඔහොමයි වෙන්නේ දේශිය බෙහෙත් හා බටහිර බෙහෙත් එකතුවෙන අවස්තාවක් මෙක ප්‍රයෝගිකව අද්දැකිමෙන් මගේ යාලුවට සාර්තක උනා මෙ තුවාලෙට දාන ක්‍රිම් එක නම් මම යාලුවට හොයලා දුන්න එකක් ඒක හරියටම හරි  ගියා ඒ ක්‍රිම් එක සාමාන්‍ය තුවාල වලට ගොඩක් හොදයි තුවාලේ ලප නොතියා හොදකරන්න ඒකට  පුලුවන්  ඒත්  ඉන්නන්ගේ තුවාලේ ලප නම්  හොද කරන්න බැ


මම හිතනවා අද ලිපියත් ගොඩක් ප්‍රයෝඡනවත් උනා කියලා එහෙනම් මම අදට යනවා ආයේ පොස්ට් එකක් අරන්  එන්නම්  කෝ එහෙනම්   අදට  බායි.............බායි  කිව්වා.............

0 comments:

Post a Comment